ගීතාවලිය 37:4-9

ගීතාවලිය 37:4-9 - ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න;
උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක.

ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න;
උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක:
උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද
ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක.

ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව,
ඉවසිලිවත් ව සිටින්න!
මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී,
ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න.

කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න;
නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි.
මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය.
එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය.

ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න; උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක. ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න; උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක: උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක. ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව, ඉවසිලිවත් ව සිටින්න! මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී, ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න. කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි. මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය.

ගීතාවලිය 37:4-9

ගීතාවලිය 37:4-9