ගීතාවලිය 34:4-9

ගීතාවලිය 34:4-9 - මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්;
මගේ සියලු බයින් මා මිදූ සේක.
උන්වහන්සේ දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් දිදුලන්නෝ ය.
කිසි කලෙක ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් නො වැසේ.
මේ දුප්පතා මොර ගැසී ය; ස්වාමින්වහන්සේ ඔහුට සවන් දී,
ඔහුගේ සියලු විපත්වලින් ඔහු මිදූ සේක.
ස්වාමින්වහන්සේගේ දූතයා, උන්වහන්සේට භය පක්ෂවූවන් වටා කඳවුරු බැඳ,
ඔවුන් මුදාලයි.

ස්වාමින්වහන්සේ ගුණ යහපත් වග රස බලා ඔබ ම අත්දකින්න;
උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.
ස්වාමින්වහන්සේට භය පක්ෂ වන්න, උන්වහන්සේගේ ශුද්ධවතුනි,
මන්ද උන්වහන්සේට භය පක්ෂවූවන්ට අවැසි කිසිවක් හිඟ නො වේ.
ගීතාවලිය 34:4-9