ගීතාවලිය 3:2-5

බොහෝ දෙනා මා ගැන කියන්නේ, “දෙවියන්වහන්සේ ඔහුට පිහිට වන්නේ නැත” කියා ය. සෙලා එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය; මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය; හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා මම වැතිර නිදි සුව ලබමි. නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි.
ගීතාවලිය 3:2-5