ගීතාවලිය 29:1-11

ගීතාවලිය 29:1-11 - එම්බා ස්වර්ගීය බලවතුනි, ස්වාමින්වහන්සේට දෙව්!
මහිමයත්, ශක්තියත් ස්වාමින්වහන්සේට දෙව්!
උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්!
උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු!

ස්වාමින්වහන්සේගේ කටහඬ සාගර ජලයට ඉහළින් වෙයි;
තේජෝ මහිමයේ දෙවියන්වහන්සේ ගර්ජනා කරන්නාහ.
ස්වාමින්වහන්සේ මහා ජලයට ඉහළින් ගර්ජනා කරන්නාහ.
ස්වාමින්වහන්සේගේ කටහඬ බලයෙන් යුක්ත ය;
ස්වාමින්වහන්සේගේ කටහඬ මහානුභාසම්පන්න ය.
ස්වාමින්වහන්සේගේ කටහඬ දේවදාර ගස් බිඳ හෙළයි;
ස්වාමින්වහන්සේ ලෙබනොන්හි දේවදාර ගස් කැබලි කර දමන්නාහ.
ලෙබනොන් කඳු, වසු පැටවකු සේ ද සිරියොන් කන්ද, වල් හරකකු සේ ද
පැන, පැන යන්නට සලසන්නේ උන්වහන්සේ ය.
ස්වාමින්වහන්සේගේ කටහඬ,
විදුලි ධාරා පැන නංවයි.
ස්වාමින්වහන්සේගේ කටහඬ කාන්තාරය සලිත කරවයි;
ස්වාමින්වහන්සේ කාදෙෂ් කාන්තාරය සලිත කරන්නාහ.
ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි.
වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි.
උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි
මොර දෙති.

ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක;
ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ.
ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ශක්තිය දෙන සේක;
ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට සාමයේ ආශිර්වාද දානය කරන සේක්වා!

එම්බා ස්වර්ගීය බලවතුනි, ස්වාමින්වහන්සේට දෙව්! මහිමයත්, ශක්තියත් ස්වාමින්වහන්සේට දෙව්! උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්! උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු! ස්වාමින්වහන්සේගේ කටහඬ සාගර ජලයට ඉහළින් වෙයි; තේජෝ මහිමයේ දෙවියන්වහන්සේ ගර්ජනා කරන්නාහ. ස්වාමින්වහන්සේ මහා ජලයට ඉහළින් ගර්ජනා කරන්නාහ. ස්වාමින්වහන්සේගේ කටහඬ බලයෙන් යුක්ත ය; ස්වාමින්වහන්සේගේ කටහඬ මහානුභාසම්පන්න ය. ස්වාමින්වහන්සේගේ කටහඬ දේවදාර ගස් බිඳ හෙළයි; ස්වාමින්වහන්සේ ලෙබනොන්හි දේවදාර ගස් කැබලි කර දමන්නාහ. ලෙබනොන් කඳු, වසු පැටවකු සේ ද සිරියොන් කන්ද, වල් හරකකු සේ ද පැන, පැන යන්නට සලසන්නේ උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේගේ කටහඬ, විදුලි ධාරා පැන නංවයි. ස්වාමින්වහන්සේගේ කටහඬ කාන්තාරය සලිත කරවයි; ස්වාමින්වහන්සේ කාදෙෂ් කාන්තාරය සලිත කරන්නාහ. ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි. වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි මොර දෙති. ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක; ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ. ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ශක්තිය දෙන සේක; ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට සාමයේ ආශිර්වාද දානය කරන සේක්වා!

ගීතාවලිය 29:1-11

ගීතාවලිය 29:1-11