ගීතාවලිය 27:3-8

ගීතාවලිය 27:3-8 - සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද,
මහදට බියක් නො දැනේ;
මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්,
මම නො සැලී සිටින්නෙමි.

ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි;
ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි;
එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්,
දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස
මගේ ජීවිතයේ සියලු දවස්හි,
ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය.
මන්ද, විපත්ති දවසේ,
උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක;
උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්,
පර්වතයක් පිට මා ඔසවා තබන සේක.

එකල, මා වට කොට සිටින සතුරනට ඉහළින්,
මම ජයග්‍රාහී ව හිස ඔසවා සිටිමි. මම ප්‍රීති ඝෝෂා නගමින්,
උන්වහන්සේගේ කූඩාරමෙහි යාග පූජා පුදමි.
මම ගී ගයමින්, ස්වාමින්වහන්සේට සංගීත නගන්නෙමි.

මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස,
මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව.
ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය;
ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි.

සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද, මහදට බියක් නො දැනේ; මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්, මම නො සැලී සිටින්නෙමි. ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි; ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි; එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්, දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස මගේ ජීවිතයේ සියලු දවස්හි, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය. මන්ද, විපත්ති දවසේ, උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක; උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්, පර්වතයක් පිට මා ඔසවා තබන සේක. එකල, මා වට කොට සිටින සතුරනට ඉහළින්, මම ජයග්‍රාහී ව හිස ඔසවා සිටිමි. මම ප්‍රීති ඝෝෂා නගමින්, උන්වහන්සේගේ කූඩාරමෙහි යාග පූජා පුදමි. මම ගී ගයමින්, ස්වාමින්වහන්සේට සංගීත නගන්නෙමි. මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව. ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය; ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි.

ගීතාවලිය 27:3-8

ගීතාවලිය 27:3-8