ගීතාවලිය 27:1-6

ගීතාවලිය 27:1-6 - ස්වාමින්වහන්සේ මගේ ආලෝකය ය, මගේ ගැලවීම ය;
මම කවරකුට භය වන්නෙම් ද?
ස්වාමින්වහන්සේ මගේ ජීවිතයේ බළකොටුව ය;
මම කවරකුට බය වන්නෙම් ද?

දුෂ්ට මිනිසුන්
මා කා දමන්නට පෙරට එන කල,
මගේ සතුරන් හා මගේ එදිරිවාදීන් මට පහර දෙන කල,
ඔවුහු ම පැකිළී වැටෙන්නෝ ය.
සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද,
මහදට බියක් නො දැනේ;
මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්,
මම නො සැලී සිටින්නෙමි.

ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි;
ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි;
එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්,
දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස
මගේ ජීවිතයේ සියලු දවස්හි,
ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය.
මන්ද, විපත්ති දවසේ,
උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක;
උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්,
පර්වතයක් පිට මා ඔසවා තබන සේක.

එකල, මා වට කොට සිටින සතුරනට ඉහළින්,
මම ජයග්‍රාහී ව හිස ඔසවා සිටිමි. මම ප්‍රීති ඝෝෂා නගමින්,
උන්වහන්සේගේ කූඩාරමෙහි යාග පූජා පුදමි.
මම ගී ගයමින්, ස්වාමින්වහන්සේට සංගීත නගන්නෙමි.

ස්වාමින්වහන්සේ මගේ ආලෝකය ය, මගේ ගැලවීම ය; මම කවරකුට භය වන්නෙම් ද? ස්වාමින්වහන්සේ මගේ ජීවිතයේ බළකොටුව ය; මම කවරකුට බය වන්නෙම් ද? දුෂ්ට මිනිසුන් මා කා දමන්නට පෙරට එන කල, මගේ සතුරන් හා මගේ එදිරිවාදීන් මට පහර දෙන කල, ඔවුහු ම පැකිළී වැටෙන්නෝ ය. සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද, මහදට බියක් නො දැනේ; මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්, මම නො සැලී සිටින්නෙමි. ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි; ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි; එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්, දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස මගේ ජීවිතයේ සියලු දවස්හි, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය. මන්ද, විපත්ති දවසේ, උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක; උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්, පර්වතයක් පිට මා ඔසවා තබන සේක. එකල, මා වට කොට සිටින සතුරනට ඉහළින්, මම ජයග්‍රාහී ව හිස ඔසවා සිටිමි. මම ප්‍රීති ඝෝෂා නගමින්, උන්වහන්සේගේ කූඩාරමෙහි යාග පූජා පුදමි. මම ගී ගයමින්, ස්වාමින්වහන්සේට සංගීත නගන්නෙමි.

ගීතාවලිය 27:1-6

ගීතාවලිය 27:1-6