ගීතාවලිය 27:1-4

ගීතාවලිය 27:1-4 - ස්වාමින්වහන්සේ මගේ ආලෝකය ය, මගේ ගැලවීම ය;
මම කවරකුට භය වන්නෙම් ද?
ස්වාමින්වහන්සේ මගේ ජීවිතයේ බළකොටුව ය;
මම කවරකුට බය වන්නෙම් ද?

දුෂ්ට මිනිසුන්
මා කා දමන්නට පෙරට එන කල,
මගේ සතුරන් හා මගේ එදිරිවාදීන් මට පහර දෙන කල,
ඔවුහු ම පැකිළී වැටෙන්නෝ ය.
සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද,
මහදට බියක් නො දැනේ;
මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්,
මම නො සැලී සිටින්නෙමි.

ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි;
ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි;
එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්,
දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස
මගේ ජීවිතයේ සියලු දවස්හි,
ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය.
ගීතාවලිය 27:1-4