පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය;
ලෝකය ද එහි වෙසෙනා සියල්ලන් ද උන්වහන්සේගේ ය.
උන්වහන්සේ එය සයුරු පිට පිහිටූ සේක්,
ජල මතුයෙහි එය ස්ථාපිත කළ සේක.
ස්වාමින්වහන්සේගේ කන්දට නැගෙනු ඇත්තේ කවුරු ද?
උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ නැගිට සිටිනු ඇත්තේ කවුරු ද?