එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය,
ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය.
අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය;
ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක.
ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය;
ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත.