මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?
මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද?
මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද?
අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත.
රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත.