ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය; මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය.
මා පිළිසරණ ලබන මගේ පර්වතය ය, මගේ දෙවියන්වහන්සේ ය.
උන්වහන්සේ මගේ පලිහ ය; මගේ ගැලවීමේ අඟ ය; මගේ සැඟවුම් පොළ ය.
ප්රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි;
එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි.