ගීතාවලිය 121:1-8

කඳු දෙසට මම මගේ දෑස ඔසවන්නෙමි; මට පිහිට ලැබෙන්නේ කොහේ සිට ද? මගේ පිහිට ලැබෙන්නේ, අහසත්, පොළොවත් මැවූ ස්වාමින්වහන්සේගෙනි. ඔබ රක්නා තැනැන්වහන්සේ නො නිදන සේක්, ඔබගේ පාද ලිස්සන්නට ඉඩ නො දෙන සේක; ඔන්න! ඉශ්‍රායෙල් රක්නා තැනැන්වහන්සේට නිදාගැනීමක් නැත; නිදිබරවීමක් ද නැත. ස්වාමින්වහන්සේ ඔබගේ රැකවලාණෝ ය; ඔබගේ දකුණතේ ඔබගේ සෙවණ, ස්වාමින්වහන්සේ ය; දහවලේදී හිරු ඔබට පහර දෙන්නේ නැත; රැයේදී සඳු ද එසේ ම ය. සියලු උපද්‍රවවලින් ස්වාමින්වහන්සේ ඔබ සුරකින සේක; උන්වහන්සේ ඔබගේ ජීවිතය සුරකින සේක. ඔබගේ පිටත යෑම සහ ඔබගේ ඇතුළට ඒම ද මෙතැන් පටන් සදහට ම ස්වාමින්වහන්සේ සුරකින සේක.
ගීතාවලිය 121:1-8