ගීතාවලිය 119:114-117

මගේ සැඟවුම් පොළ හා මගේ පලිහ ද ඔබ ම ය; ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තුව තබමි. මගේ දෙවියන්වහන්සේගේ ආඥා මවිසින් පිළිපදින පිණිස, දුෂ්ටකම් කරන්නෙනි, මවෙතින් ඉවත යව්. මා ජීවත් වන පිණිස, ඔබගේ පොරොන්දුව ලෙස මා උසුලාගත මැනව; මගේ බලාපොරොත්තුව ගැන ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි. මා සුරක්ෂිත වන පිණිස මා ඉසුලුව මැනව; එමඟින් නොකඩව ඔබගේ නියෝග සැලකිල්ලට ගනිමි.
ගීතාවලිය 119:114-117