ගීතාවලිය 107:1-6

ගීතාවලිය 107:1-6 - ස්වාමින්වහන්සේට තුති පුදන්න; මන්ද උන්වහන්සේ යහපත් ය;
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදා පවතින්නේ ය.

ස්වාමින්වහන්සේගෙන් මිදීම ලද්දෝ,
සතුරු අතින් උන්වහන්සේ මිදූ අය එසේ කියත්වා!
උන්වහන්සේ දේශ-දේශාන්තර වෙතින්,
එනම්, නැගෙනහිරින් හා බටහිරින් ද උතුරින් හා දකුණින් ද ඔවුන් එක් රැස් කළ සේක.

ඇතැම්හු පදිංචියට සුදුසු නගරයක් සොයාගත නො හැකි ව
කාන්තාර මුඩුබිම්හි මංමුළා ව ගියහ.
ඔවුහු සාගින්නෙන් ද පිපාසයෙන් ද යුතු වූවෝ,
ශක්තිය පිරිහී බෙලහීන ව සිටියෝ ය.
එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ;
උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
ගීතාවලිය 107:1-6