ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය;
වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය.
උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත,
ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත;
අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත;
අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත.