Proverbs 4:1-9

හිතෝපදේශ 4:1-9 - සවන් දෙන්න මා පුත, පියකුගේ උපදෙස්වලට;
අවධානය යොමා, අවබෝධය අත්කර ගන්න.
මම ඔබට යස ගුරුහරුකම් දෙන්නෙමි;
එබැවින් මේ ඉගැන්වීම් ඉවත නො දමන්න.
මම මගේ පියාට පුතකු ව,
මගේ මවගේ ළාබාල එක ම පුතු ව සිටියදී,
ඔහු මට මෙසේ උගැන්වී ය:
“ඔබේ මුළු හදින් ම මගේ වචන තරයේ අල්ලා ගන්න;
මගේ ආඥා පිළිපැද, ජීවනය අත් විඳින්න.
ප්‍රඥාව ලබා ගන්න, අවබෝධය ලබා ගන්න;
මගේ වචන අමතක නො කරන්න, එයින් පිට පැන නො යන්න.
ප්‍රඥාව අතහැර නො දමන්න, මන්ද ඈ ඔබ ආරක්ෂා කරන්නී ය;
ඇයට ප්‍රේම කරන්න, එවිට ඈ ඔබ රැක බලා ගන්නී ය.
ප්‍රඥාව අති ශ්‍රේෂ්ඨ ය, එබැවින් ප්‍රඥාව ලබා ගන්න;
එය ලැබීමට අධික මිලක් ගෙවන්න වෙතත්, අවබෝධය ලබා ගන්න.
ඇය සම්මානනීය සේ සලකන්න, එවිට ඈ ඔබ උසස් කරන්නී ය;
ඇය වැලඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවන්නී ය.
ඈ ඔබේ හිසෙහි කරුණාවේ මල් දමක් තබා,
ශෝභාලංකාරයේ ඔටුන්නක් ඔබට පිරිනමනු ඇත.”

සවන් දෙන්න මා පුත, පියකුගේ උපදෙස්වලට; අවධානය යොමා, අවබෝධය අත්කර ගන්න. මම ඔබට යස ගුරුහරුකම් දෙන්නෙමි; එබැවින් මේ ඉගැන්වීම් ඉවත නො දමන්න. මම මගේ පියාට පුතකු ව, මගේ මවගේ ළාබාල එක ම පුතු ව සිටියදී, ඔහු මට මෙසේ උගැන්වී ය: “ඔබේ මුළු හදින් ම මගේ වචන තරයේ අල්ලා ගන්න; මගේ ආඥා පිළිපැද, ජීවනය අත් විඳින්න. ප්‍රඥාව ලබා ගන්න, අවබෝධය ලබා ගන්න; මගේ වචන අමතක නො කරන්න, එයින් පිට පැන නො යන්න. ප්‍රඥාව අතහැර නො දමන්න, මන්ද ඈ ඔබ ආරක්ෂා කරන්නී ය; ඇයට ප්‍රේම කරන්න, එවිට ඈ ඔබ රැක බලා ගන්නී ය. ප්‍රඥාව අති ශ්‍රේෂ්ඨ ය, එබැවින් ප්‍රඥාව ලබා ගන්න; එය ලැබීමට අධික මිලක් ගෙවන්න වෙතත්, අවබෝධය ලබා ගන්න. ඇය සම්මානනීය සේ සලකන්න, එවිට ඈ ඔබ උසස් කරන්නී ය; ඇය වැලඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවන්නී ය. ඈ ඔබේ හිසෙහි කරුණාවේ මල් දමක් තබා, ශෝභාලංකාරයේ ඔටුන්නක් ඔබට පිරිනමනු ඇත.”

හිතෝපදේශ 4:1-9

Proverbs 4:1-9