ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට,
ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න.
ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න;
එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.
ඔබ ප්රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න;
ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න.