හිතෝපදේශ 3:5-12

හිතෝපදේශ 3:5-12 - ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට,
ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න.
ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න;
එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.

ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න;
ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න.
එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ;
ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ.

ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ
ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න.
එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය;
අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය.

මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න;
උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න.
පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ,
ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක.

ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත. ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න. එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ; ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ. ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න. එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය; අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය. මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න; උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න. පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ, ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක.

හිතෝපදේශ 3:5-12

හිතෝපදේශ 3:5-12