හිතෝපදේශ 22:1-29

හිතෝපදේශ 22:1-29 - මහා ධනයකට වඩා හොඳ නම උතුම් ය;
රන් රිදීවලට වඩා කරුණාව පිළිගනු ලැබීම උතුම් ය.

පෙහොසතාට ද දුප්පතාට ද පොදු වූ දෙයක් ඇත;
ඔවුන් හැමගේ මැවුම්කරුවාණෝ ස්වාමින්වහන්සේ ය.

නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි;
එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි.

නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය
ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ.

දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ;
එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී.

දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න;
එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි.

පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති;
ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති.

අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි;
ඔහුගේ උදහසේ ආයුධය ව්‍යර්ථ වේ.

ත්‍යාගවන්ත මිනිසාට ආශිර්වාදය ලැබේ;
මන්ද ඔහු තම ආහාර, දුප්පතුන් සමඟ බෙදාගනියි.

ගරහන්නා පලවා හරින්න, එවිට කලහ නැති වේ;
ආරවුල් හා අවලාද නිමාවට පත් වේ.

පිරිසිදු හදක් ඇති ව සිටීමට ඇලුම් කරන, ප්‍රසන්න කතාවෙන් යුත් අයට
රජ්ජුරුවන් මිත්‍රයෙක් ය.

ස්වාමින්වහන්සේගේ ඇස් බුද්ධිමතුන් රක්ෂා කරන්නේ ය;
එහෙත් ද්‍රෝහීන්ගේ කතාව හෙළා දකී.

“අන්න පිටත සිංහයෙක් සිටී;
පාරට ගියොත් මා මරා දමනු ඇතැ” යි අලසයා පවසයි.

පරදාරකම් කරන්නියගේ මුව ගැඹුරු වළකි;
ස්වාමින්වහන්සේගේ උදහසට පාත්‍ර වූවෝ, එහි ඇද වැටෙති.

මෝඩකම් කිරීම ළමා-විය හා බැඳී පවතී;
එහෙත් ශික්ෂණයේ වේවැල එය ඔහු වෙතින් දුරු කරයි.

වඩ වඩා ධනවත්වීමට දුප්පතුන් පෙළන්නාත්,
ධනවතුන්ට තෑගි-බෝග පුදන්නාත් දුප්පත්කමට වැටේ.


සාවධාන ව, ප්‍රඥාවතුන්ගේ උපදේශවලට සවන් දෙන්න;
මා උගන්වන දෑ සිතට ගන්න.
ඔබගේ තොල් අතරින් පැවසෙන ඒ හැම සූදානමින්
ඔබගේ හදවතේ නිදන් කර තබා ගන්නේ නම් එය ප්‍රීති සහගත වනු ඇත.
ඔබගේ විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ තබන පිණිස
මම ඒවා ඔබට, අද ඔබට ම කියා දෙන්නෙමි.
ඔබ උදෙසා උපදේශ තිහක් මා ලියා තිබෙනවා නො වේ ද,
ඒවා දැනමුතුකමේ සහ දැනගැන්මේ උපදේශයන් ය.
ඔබ මෙහි එවූ අයට විශ්වසනීය පිළිතුරු දිය හැකි වන පිණිස
ඔබට සත්‍ය වූ,
විශ්වසනීය වූ වචන උගන්වන්නෙමි.

දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න, මන්ද ඔවුන් දුප්පත් ය;
යුක්තිය පසිඳලීමේදී අසරණයා පීඩාවට පත් නො කරන්න.
මන්ද ස්වාමින්වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිට,
ඔවුන්ගෙන් පැහැරගත්තවුන්ගේ ජීවිතය පැහැර ගැනීමට ලක් කරන සේක.

වහා කිපෙන සුළු මිනිසකු හා මිතුරු නො වන්න;
නිකම්ම තරහ යන කෙනකුගේ ඇසුරට නො යන්න.
නැතහොත් ඔබත් ඔහුගේ එම ගති-මාර්ග ඉගෙන,
ඔබ ම උගුලක හිරවනු ඇත.

උගසකට සහතික කරන්නකු නො වන්න;
ණයකරුවකුට ඇපකරුවකු නො වන්න.
යම් හෙයකින් ඒවා ගෙවන්නට ඔබට නො හැකි වූවොත්,
ඔබේ යහන පවා ඔබෙන් උදුරාගෙන යනු ඇත.

ඔබගේ මුතුන් මිත්තන් පිහිටෙවු
පුරාණ මායිම් ගල් වෙනස් නො කරන්න.

තමාගේ කාරියෙහි නිපුණ මිනිසකු ඔබ දුටුවා ද?
ඔහු රජුන් ඉදිරියෙහි සේවය කරනු ඇත;
ඔහු පහත් ජනයා ඉදිරියේ සේවය කරන්නේ නැත.

මහා ධනයකට වඩා හොඳ නම උතුම් ය; රන් රිදීවලට වඩා කරුණාව පිළිගනු ලැබීම උතුම් ය. පෙහොසතාට ද දුප්පතාට ද පොදු වූ දෙයක් ඇත; ඔවුන් හැමගේ මැවුම්කරුවාණෝ ස්වාමින්වහන්සේ ය. නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි. නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ. දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ; එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී. දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න; එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි. පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති; ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති. අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි; ඔහුගේ උදහසේ ආයුධය ව්‍යර්ථ වේ. ත්‍යාගවන්ත මිනිසාට ආශිර්වාදය ලැබේ; මන්ද ඔහු තම ආහාර, දුප්පතුන් සමඟ බෙදාගනියි. ගරහන්නා පලවා හරින්න, එවිට කලහ නැති වේ; ආරවුල් හා අවලාද නිමාවට පත් වේ. පිරිසිදු හදක් ඇති ව සිටීමට ඇලුම් කරන, ප්‍රසන්න කතාවෙන් යුත් අයට රජ්ජුරුවන් මිත්‍රයෙක් ය. ස්වාමින්වහන්සේගේ ඇස් බුද්ධිමතුන් රක්ෂා කරන්නේ ය; එහෙත් ද්‍රෝහීන්ගේ කතාව හෙළා දකී. “අන්න පිටත සිංහයෙක් සිටී; පාරට ගියොත් මා මරා දමනු ඇතැ” යි අලසයා පවසයි. පරදාරකම් කරන්නියගේ මුව ගැඹුරු වළකි; ස්වාමින්වහන්සේගේ උදහසට පාත්‍ර වූවෝ, එහි ඇද වැටෙති. මෝඩකම් කිරීම ළමා-විය හා බැඳී පවතී; එහෙත් ශික්ෂණයේ වේවැල එය ඔහු වෙතින් දුරු කරයි. වඩ වඩා ධනවත්වීමට දුප්පතුන් පෙළන්නාත්, ධනවතුන්ට තෑගි-බෝග පුදන්නාත් දුප්පත්කමට වැටේ. සාවධාන ව, ප්‍රඥාවතුන්ගේ උපදේශවලට සවන් දෙන්න; මා උගන්වන දෑ සිතට ගන්න. ඔබගේ තොල් අතරින් පැවසෙන ඒ හැම සූදානමින් ඔබගේ හදවතේ නිදන් කර තබා ගන්නේ නම් එය ප්‍රීති සහගත වනු ඇත. ඔබගේ විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ තබන පිණිස මම ඒවා ඔබට, අද ඔබට ම කියා දෙන්නෙමි. ඔබ උදෙසා උපදේශ තිහක් මා ලියා තිබෙනවා නො වේ ද, ඒවා දැනමුතුකමේ සහ දැනගැන්මේ උපදේශයන් ය. ඔබ මෙහි එවූ අයට විශ්වසනීය පිළිතුරු දිය හැකි වන පිණිස ඔබට සත්‍ය වූ, විශ්වසනීය වූ වචන උගන්වන්නෙමි. දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න, මන්ද ඔවුන් දුප්පත් ය; යුක්තිය පසිඳලීමේදී අසරණයා පීඩාවට පත් නො කරන්න. මන්ද ස්වාමින්වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිට, ඔවුන්ගෙන් පැහැරගත්තවුන්ගේ ජීවිතය පැහැර ගැනීමට ලක් කරන සේක. වහා කිපෙන සුළු මිනිසකු හා මිතුරු නො වන්න; නිකම්ම තරහ යන කෙනකුගේ ඇසුරට නො යන්න. නැතහොත් ඔබත් ඔහුගේ එම ගති-මාර්ග ඉගෙන, ඔබ ම උගුලක හිරවනු ඇත. උගසකට සහතික කරන්නකු නො වන්න; ණයකරුවකුට ඇපකරුවකු නො වන්න. යම් හෙයකින් ඒවා ගෙවන්නට ඔබට නො හැකි වූවොත්, ඔබේ යහන පවා ඔබෙන් උදුරාගෙන යනු ඇත. ඔබගේ මුතුන් මිත්තන් පිහිටෙවු පුරාණ මායිම් ගල් වෙනස් නො කරන්න. තමාගේ කාරියෙහි නිපුණ මිනිසකු ඔබ දුටුවා ද? ඔහු රජුන් ඉදිරියෙහි සේවය කරනු ඇත; ඔහු පහත් ජනයා ඉදිරියේ සේවය කරන්නේ නැත.

හිතෝපදේශ 22:1-29

හිතෝපදේශ 22:1-29