හිතෝපදේශ 21:1-31

හිතෝපදේශ 21:1-31 - රජුගේ හදවත ස්වාමින්වහන්සේගේ අතේ ය;
උන්වහන්සේ එය දිය පාරක් සේ තමන් රිසි අත යවන සේක.

කෙනකුට තමාගේ හැම මාර්ගයක් ම හරි යැයි පෙනේ;
එහෙත් ඔහුගේ හදවත කිරා බලන්නේ ස්වාමින්වහන්සේ ය.

හරි දේ හා යුතු දේ කිරීම
යාග පූජාවකට වඩා ස්වාමින්වහන්සේට පිළිගත මනා ය.

උඩඟු ඇස් ද අහංකාර හදවත ද යන
දුෂ්ටයින්ගේ පහන, පාපය ය.

ඉක්මන්කාරීකම දුගී භාවයට කැන්දන් යන්නා සේ ම,
උත්සාහවන්තයාගේ සැලසුම් සඵලත්වයට ගෙන යයි.

බොරු කියන දිවකින් උපයා ගන්නා ධනය
නො පෙනී යන හුමාලයකි; මර උගුලකි.

හරි දේ කිරීම ප්‍රතික්ෂේප කරන බැවින්,
දුෂ්ටයෝ තමන්ගේ ම සැහැසිකමෙන් ඉවතට ඇද දැමෙති.

වරදකරුවන්ගේ මාර්ගය ඇද ය.
එහෙත් නිදොස් අයගේ ක්‍රියා ඍජු ය.

කලහකාරී බිරිඳක සමඟ එක ගෙයක වෙසෙනවාට වඩා,
පියස්සේ මුල්ලක විසීම හොඳ ය.

දුෂ්ට මිනිසා නපුරට තෘෂ්ණා වෙයි;
ඔහුගේ අසල්වැසියාට ඔහුගෙන් දයාවක් නො ලැබේ.

ගැරහුම්කරුට දඬුවම් දෙන කල, අඥානයා ප්‍රඥාව ලබයි;
අවවාද ලබන කල නැණවතා දැනුවත් වෙයි.

ධර්මිෂ්ඨයාණෝ දුෂ්ටයින්ගේ නිවෙස් නිරීක්ෂණ කර,
දුෂ්ටයා විනාශයට හෙළා දමන්නාහ.

දුප්පතුන්ගේ මොර ගැසීමට කන් වසා ගන්නා යම් කෙනකු වේ ද,
ඔහු මොර ගසනා කල, කිසිවකුත් ඔහුට පිළිතුරු නො දෙනු ඇත.

රහසින් දෙන තෑග්ග කෝපය සමනය කරයි;
හොර රහසේ දෙන අල්ලස, දැඩි උදහස සන්සිඳුවයි.

යුක්තිය ඉටු වන කල ධර්මිෂ්ඨයිනට එයින් ප්‍රීතිය ගෙනේ;
එහෙත් අධර්මිෂ්ඨයිනට එයින් භීතිය ගෙනේ.

අවබෝධයේ මාවතින් බැහැර ව යන මිනිසා
මළවුන්ගේ සමාගමෙහි විවේක ගනු ඇත.

විනෝදයට ඇලුම්වන්නා දුප්පත් වෙයි;
මිදි යුෂවලටත්, තෙල්වලටත් ඇලුම්වන්නා ධනවත් නො වේ.

දුෂ්ටයෝ ධර්මිෂ්ඨයින් උදෙසා වන්දියකි;
ද්‍රෝහි වූවෝ ඍජු ගුණ ඇත්තන් උදෙසා වන්දියකි.

කලහකාරී, වහා කිපෙන බිරිඳක හා වෙසෙනවාට වඩා
කාන්තාරයේ විසීම හොඳ ය.

නැණවතාගේ නිවසේ, රස ගුණ අහර ද තෙල් ද ගබඩා කර ඇත;
එහෙත් අනුවණයා තමාට ඇති සියල්ල ගිල දමයි.

ධර්මිෂ්ඨකම ද ප්‍රේමය ද හඹා යන කවරකුට වුව
ජීවනයත්, ධර්මිෂ්ඨකමත්, ගෞරවයත් අත්වෙයි.

ප්‍රඥාවන්තයා බලවතුන්ගේ පුරවරයට පහර දී,
ඔවුන් විශ්වාසය තැබූ බළකොටු බිඳ හෙළයි.

තම මුව ද තම දිව ද රැක ගන්නා
උපද්‍රවවලින් වැළකී සිටී.

අහංකාර, උඩඟු මිනිසාට නමකි, “ගරහන්නා” යන්න;
මහ මාන්නක්කාර විලාශයකිනි ඔහු හැසිරෙන්නේ.

අලසයාගේ ආශාව ඔහු මරා දමයි;
මන්ද ඔහුගේ දෑත වැඩ කිරීම ප්‍රතික්ෂේප කරයි.
දවස මුළුල්ලේ ඔහු වඩ වඩා ගිජු වෙයි.
එහෙත් ධර්මිෂ්ඨයා නො මසුරු ව දෙයි.

දුෂ්ටයකුගේ යාග පූජාව ද පිළිකුල් සහගත ය;
නපුරු අදහසකින් එය පිළිගන්වන කල, ඊට වඩා කොතරම් පිළිකුල් නො වේ ද?

බොරු සාක්ෂිකරු විනාශ වී යන්නේ ය;
එහෙත් හොඳින් සවන් දෙන්නා වැඩදායි ව සාක්ෂි දෙන්නේ ය.

දුෂ්ට මිනිසා තම මුහුණ දැඩි කර ගනී;
එහෙත් ඍජු ගති ඇත්තා තම මාර්ග ගැන සිතා බලයි.

ස්වාමින්වහන්සේට එරෙහිව ජය ගත හැකි අන් ප්‍රඥාවක් නැත;
අවබෝධයක් නැත, සැලැස්මක් ද නැත.

සංග්‍රාම දවසට අශ්වයා සූදානම් කරනු ලැබ ඇත;
එහෙත් ජයග්‍රහණය ස්වාමින්වහන්සේ අතේ ය.

රජුගේ හදවත ස්වාමින්වහන්සේගේ අතේ ය; උන්වහන්සේ එය දිය පාරක් සේ තමන් රිසි අත යවන සේක. කෙනකුට තමාගේ හැම මාර්ගයක් ම හරි යැයි පෙනේ; එහෙත් ඔහුගේ හදවත කිරා බලන්නේ ස්වාමින්වහන්සේ ය. හරි දේ හා යුතු දේ කිරීම යාග පූජාවකට වඩා ස්වාමින්වහන්සේට පිළිගත මනා ය. උඩඟු ඇස් ද අහංකාර හදවත ද යන දුෂ්ටයින්ගේ පහන, පාපය ය. ඉක්මන්කාරීකම දුගී භාවයට කැන්දන් යන්නා සේ ම, උත්සාහවන්තයාගේ සැලසුම් සඵලත්වයට ගෙන යයි. බොරු කියන දිවකින් උපයා ගන්නා ධනය නො පෙනී යන හුමාලයකි; මර උගුලකි. හරි දේ කිරීම ප්‍රතික්ෂේප කරන බැවින්, දුෂ්ටයෝ තමන්ගේ ම සැහැසිකමෙන් ඉවතට ඇද දැමෙති. වරදකරුවන්ගේ මාර්ගය ඇද ය. එහෙත් නිදොස් අයගේ ක්‍රියා ඍජු ය. කලහකාරී බිරිඳක සමඟ එක ගෙයක වෙසෙනවාට වඩා, පියස්සේ මුල්ලක විසීම හොඳ ය. දුෂ්ට මිනිසා නපුරට තෘෂ්ණා වෙයි; ඔහුගේ අසල්වැසියාට ඔහුගෙන් දයාවක් නො ලැබේ. ගැරහුම්කරුට දඬුවම් දෙන කල, අඥානයා ප්‍රඥාව ලබයි; අවවාද ලබන කල නැණවතා දැනුවත් වෙයි. ධර්මිෂ්ඨයාණෝ දුෂ්ටයින්ගේ නිවෙස් නිරීක්ෂණ කර, දුෂ්ටයා විනාශයට හෙළා දමන්නාහ. දුප්පතුන්ගේ මොර ගැසීමට කන් වසා ගන්නා යම් කෙනකු වේ ද, ඔහු මොර ගසනා කල, කිසිවකුත් ඔහුට පිළිතුරු නො දෙනු ඇත. රහසින් දෙන තෑග්ග කෝපය සමනය කරයි; හොර රහසේ දෙන අල්ලස, දැඩි උදහස සන්සිඳුවයි. යුක්තිය ඉටු වන කල ධර්මිෂ්ඨයිනට එයින් ප්‍රීතිය ගෙනේ; එහෙත් අධර්මිෂ්ඨයිනට එයින් භීතිය ගෙනේ. අවබෝධයේ මාවතින් බැහැර ව යන මිනිසා මළවුන්ගේ සමාගමෙහි විවේක ගනු ඇත. විනෝදයට ඇලුම්වන්නා දුප්පත් වෙයි; මිදි යුෂවලටත්, තෙල්වලටත් ඇලුම්වන්නා ධනවත් නො වේ. දුෂ්ටයෝ ධර්මිෂ්ඨයින් උදෙසා වන්දියකි; ද්‍රෝහි වූවෝ ඍජු ගුණ ඇත්තන් උදෙසා වන්දියකි. කලහකාරී, වහා කිපෙන බිරිඳක හා වෙසෙනවාට වඩා කාන්තාරයේ විසීම හොඳ ය. නැණවතාගේ නිවසේ, රස ගුණ අහර ද තෙල් ද ගබඩා කර ඇත; එහෙත් අනුවණයා තමාට ඇති සියල්ල ගිල දමයි. ධර්මිෂ්ඨකම ද ප්‍රේමය ද හඹා යන කවරකුට වුව ජීවනයත්, ධර්මිෂ්ඨකමත්, ගෞරවයත් අත්වෙයි. ප්‍රඥාවන්තයා බලවතුන්ගේ පුරවරයට පහර දී, ඔවුන් විශ්වාසය තැබූ බළකොටු බිඳ හෙළයි. තම මුව ද තම දිව ද රැක ගන්නා උපද්‍රවවලින් වැළකී සිටී. අහංකාර, උඩඟු මිනිසාට නමකි, “ගරහන්නා” යන්න; මහ මාන්නක්කාර විලාශයකිනි ඔහු හැසිරෙන්නේ. අලසයාගේ ආශාව ඔහු මරා දමයි; මන්ද ඔහුගේ දෑත වැඩ කිරීම ප්‍රතික්ෂේප කරයි. දවස මුළුල්ලේ ඔහු වඩ වඩා ගිජු වෙයි. එහෙත් ධර්මිෂ්ඨයා නො මසුරු ව දෙයි. දුෂ්ටයකුගේ යාග පූජාව ද පිළිකුල් සහගත ය; නපුරු අදහසකින් එය පිළිගන්වන කල, ඊට වඩා කොතරම් පිළිකුල් නො වේ ද? බොරු සාක්ෂිකරු විනාශ වී යන්නේ ය; එහෙත් හොඳින් සවන් දෙන්නා වැඩදායි ව සාක්ෂි දෙන්නේ ය. දුෂ්ට මිනිසා තම මුහුණ දැඩි කර ගනී; එහෙත් ඍජු ගති ඇත්තා තම මාර්ග ගැන සිතා බලයි. ස්වාමින්වහන්සේට එරෙහිව ජය ගත හැකි අන් ප්‍රඥාවක් නැත; අවබෝධයක් නැත, සැලැස්මක් ද නැත. සංග්‍රාම දවසට අශ්වයා සූදානම් කරනු ලැබ ඇත; එහෙත් ජයග්‍රහණය ස්වාමින්වහන්සේ අතේ ය.

හිතෝපදේශ 21:1-31

හිතෝපදේශ 21:1-31