Proverbs 18:1-9

හිතෝපදේශ 18:1-9 - හුදකලා වී වෙසෙන්නා සොයන්නේ තම අභිලාෂය පමණෙකි;
හැම නිවැරදි නිගමනයකට ම එරෙහිව ඔහු නැගිටියි.

අඥානයා අවබෝධය ලැබීමට කිසි ප්‍රසන්නතාවක් නැත;
ඔහුගේ මහත් ප්‍රීතිය තම අදහස් හුවා දැක්වීම ය.

දුෂ්ටකම එන කල, අවඥාව ද ඒ සමඟ පැමිණේ;
ලජ්ජාව සමඟ නින්දාව ද පැමිණේ.

මිනිසකුගේ මුවෙහි වචන ගැඹුරු ජලය ය;
එහෙත් ප්‍රඥාවේ උල්පත ගලා යන දොළ පාරකි.

දුෂ්ටයින්ට පක්ෂපාතවීම හොඳ නැත;
අසරණයින්ගේ යුක්තිය පැහැර ගැනීම ද හොඳ නැත.

අඥානයාගේ තොල්වලින් ඔහුට ආරවුල් ගෙනේ;
ඔහුගේ කට නිසා ඔහුට ගුටි ලැබේ.

අඥානයාගේ කට ඔහුගේ විනාශය ය;
ඔහුගේ තොල් ඔහුගේ ජීවයට මර උගුලකි.

ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි;
එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී.

අලස ව වැඩෙහි යෙදෙන්නා
නාස්තිකාරයාගේ සහෝදරයා ය.

හුදකලා වී වෙසෙන්නා සොයන්නේ තම අභිලාෂය පමණෙකි; හැම නිවැරදි නිගමනයකට ම එරෙහිව ඔහු නැගිටියි. අඥානයා අවබෝධය ලැබීමට කිසි ප්‍රසන්නතාවක් නැත; ඔහුගේ මහත් ප්‍රීතිය තම අදහස් හුවා දැක්වීම ය. දුෂ්ටකම එන කල, අවඥාව ද ඒ සමඟ පැමිණේ; ලජ්ජාව සමඟ නින්දාව ද පැමිණේ. මිනිසකුගේ මුවෙහි වචන ගැඹුරු ජලය ය; එහෙත් ප්‍රඥාවේ උල්පත ගලා යන දොළ පාරකි. දුෂ්ටයින්ට පක්ෂපාතවීම හොඳ නැත; අසරණයින්ගේ යුක්තිය පැහැර ගැනීම ද හොඳ නැත. අඥානයාගේ තොල්වලින් ඔහුට ආරවුල් ගෙනේ; ඔහුගේ කට නිසා ඔහුට ගුටි ලැබේ. අඥානයාගේ කට ඔහුගේ විනාශය ය; ඔහුගේ තොල් ඔහුගේ ජීවයට මර උගුලකි. ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි; එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී. අලස ව වැඩෙහි යෙදෙන්නා නාස්තිකාරයාගේ සහෝදරයා ය.

හිතෝපදේශ 18:1-9

Proverbs 18:1-9