Proverbs 11:1-23

හිතෝපදේශ 11:1-23 - වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි;
එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය.

උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ;
එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ.

ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි;
එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ.

උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ;
එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි.

නිදොස් අයගේ දමිටුකම, ඔවුන්ට සෘජු මාවත් තනා දෙයි;
එහෙත් දුෂ්ටයින් ඔවුන්ගේ ම දුෂ්ටකමින් ඇද වැටේ.

ඍජු ගති ඇත්තවුන්ගේ දමිටුකම, ඔවුන් නිදහස් කරයි;
එහෙත් ද්‍රෝහීහු තෘෂ්ණා උගුලට හසු වෙති.

දුෂ්ට මිනිසා මැරුණු කල, ඔහුගේ බලාපොරොත්තු සුන් වේ;
ඔහුගේ ශක්තියෙන් ඔහු අපේක්ෂා කළ සියල්ල පහව යේ.

දමිටු මිනිසා විපත්තියෙන් මිදේ;
ඒ වෙනුවට දුෂ්ට මිනිසා පිට විපත්තිය පැමිණේ.

අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි;
එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි.

දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි;
අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ.

ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ;
එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ.

තම අසල්වැසියාට අවමන් කරන්නා අනුවණයෙකි;
එහෙත් අවබෝධය ඇත්තා නිහඬ ව සිටියි.

ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි;
එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී.

නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ;
එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත.

නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි;
එසේ අත තබා දිවිරීම ප්‍රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය.

කරුණාවන්ත කාන්තාව ගෞරවය අත්කර ගනී;
එහෙත් නිර්දය මිනිසුන් අත්කර ගන්නේ ධනය පමණි.

කාරුණික මිනිසා තමාට ම සෙතක් සලසා ගනී;
එහෙත් කුරිරු මිනිසා තමා පිට කරදර පටවා ගනී.

දුෂ්ට මිනිසා වංචනික වේතන ලබා ගනී;
එහෙත් දමිටුකම වපුරන්නා නිසැක ත්‍යාගයක් ලබන්නේ ය.

සැබවින් ම දමිටු මිනිසා ජීවනය අත්කර ගනී;
එහෙත් නපුර හඹායන්නා මරණය ළඟාකර ගනී.

වංක සිත් ඇත්තන් ස්වාමින්වහන්සේට පිළිකුලක් ය;
එහෙත් නිදොස් මගෙහි යන්නන් ගැන උන්වහන්සේ ප්‍රසන්න ය.

සහතික වශයෙන් දැනගන්න, දුෂ්ටයා දඬුවම් නො ලබා නො සිටියි;
එහෙත් ධර්මිෂ්ඨයෝ නිදහස් ව යන්නෝ ය.

සුරූපී වුව ද, බුද්ධි හීන කාන්තාව
ඌරකුගේ හොම්බෙහි ලූ රන් මුදුවක් වැන්න.

දමිටුන්ගේ ආශාව කෙළවර වන්නේ යහපතකිනි;
එහෙත් දුෂ්ටයින්ගේ බලාපොරොත්තුව කෙළවර වන්නේ උදහසෙනි.

වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි; එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය. උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ. ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ. උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි. නිදොස් අයගේ දමිටුකම, ඔවුන්ට සෘජු මාවත් තනා දෙයි; එහෙත් දුෂ්ටයින් ඔවුන්ගේ ම දුෂ්ටකමින් ඇද වැටේ. ඍජු ගති ඇත්තවුන්ගේ දමිටුකම, ඔවුන් නිදහස් කරයි; එහෙත් ද්‍රෝහීහු තෘෂ්ණා උගුලට හසු වෙති. දුෂ්ට මිනිසා මැරුණු කල, ඔහුගේ බලාපොරොත්තු සුන් වේ; ඔහුගේ ශක්තියෙන් ඔහු අපේක්ෂා කළ සියල්ල පහව යේ. දමිටු මිනිසා විපත්තියෙන් මිදේ; ඒ වෙනුවට දුෂ්ට මිනිසා පිට විපත්තිය පැමිණේ. අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි; එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි. දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි; අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ. ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ. තම අසල්වැසියාට අවමන් කරන්නා අනුවණයෙකි; එහෙත් අවබෝධය ඇත්තා නිහඬ ව සිටියි. ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි; එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී. නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ; එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත. නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි; එසේ අත තබා දිවිරීම ප්‍රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය. කරුණාවන්ත කාන්තාව ගෞරවය අත්කර ගනී; එහෙත් නිර්දය මිනිසුන් අත්කර ගන්නේ ධනය පමණි. කාරුණික මිනිසා තමාට ම සෙතක් සලසා ගනී; එහෙත් කුරිරු මිනිසා තමා පිට කරදර පටවා ගනී. දුෂ්ට මිනිසා වංචනික වේතන ලබා ගනී; එහෙත් දමිටුකම වපුරන්නා නිසැක ත්‍යාගයක් ලබන්නේ ය. සැබවින් ම දමිටු මිනිසා ජීවනය අත්කර ගනී; එහෙත් නපුර හඹායන්නා මරණය ළඟාකර ගනී. වංක සිත් ඇත්තන් ස්වාමින්වහන්සේට පිළිකුලක් ය; එහෙත් නිදොස් මගෙහි යන්නන් ගැන උන්වහන්සේ ප්‍රසන්න ය. සහතික වශයෙන් දැනගන්න, දුෂ්ටයා දඬුවම් නො ලබා නො සිටියි; එහෙත් ධර්මිෂ්ඨයෝ නිදහස් ව යන්නෝ ය. සුරූපී වුව ද, බුද්ධි හීන කාන්තාව ඌරකුගේ හොම්බෙහි ලූ රන් මුදුවක් වැන්න. දමිටුන්ගේ ආශාව කෙළවර වන්නේ යහපතකිනි; එහෙත් දුෂ්ටයින්ගේ බලාපොරොත්තුව කෙළවර වන්නේ උදහසෙනි.

හිතෝපදේශ 11:1-23

Proverbs 11:1-23