හිතෝපදේශ 11:1-9

වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි; එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය. උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ. ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ. උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි. නිදොස් අයගේ දමිටුකම, ඔවුන්ට සෘජු මාවත් තනා දෙයි; එහෙත් දුෂ්ටයින් ඔවුන්ගේ ම දුෂ්ටකමින් ඇද වැටේ. ඍජු ගති ඇත්තවුන්ගේ දමිටුකම, ඔවුන් නිදහස් කරයි; එහෙත් ද්‍රෝහීහු තෘෂ්ණා උගුලට හසු වෙති. දුෂ්ට මිනිසා මැරුණු කල, ඔහුගේ බලාපොරොත්තු සුන් වේ; ඔහුගේ ශක්තියෙන් ඔහු අපේක්ෂා කළ සියල්ල පහව යේ. දමිටු මිනිසා විපත්තියෙන් මිදේ; ඒ වෙනුවට දුෂ්ට මිනිසා පිට විපත්තිය පැමිණේ. අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි; එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි.
හිතෝපදේශ 11:1-9