හිතෝපදේශ 10:17-21

උපදෙසට ඇහුම්කන්දෙන්නා, ජීවනයේ මාවතේ සිටී; එහෙත් නිවැරදි කිරීම් පිටුදකින්නා, අන් අයට ද නොමගට මග පෙන්වයි. තම වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇත්තෙකි; අපවාද පතුරන්නා අඥානයෙකි. වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ; එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි. දමිටු මිනිසාගේ දිව අගනා රිදී ය; එහෙත් අදමිටුවාගේ හදවත නො වටනේ ය. දමිටු කෙනකුගේ තොල්වලින් බොහෝ දෙනකු පෝෂණ කෙරේ; එහෙත් අඥානයෝ නො වැටහීමෙන් මිය යති.
හිතෝපදේශ 10:17-21