පිලිප්පි 4:4-9

පිලිප්පි 4:4-9 - ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීති වන්න. මම නැවත එය ම කියමි: ප්‍රීති වන්න! ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාට ම පෙනේවා! ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක; කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න. එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත.
අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න. ඔබ කවරක් මගෙන් උගත්තේ ද කවරක් මගෙන් ලැබුවේ ද ඇසුවේ ද කවරක් මා තුළ දුටුවේ ද ඒවා ක්‍රියාවට නගන්න. එවිට සාමයේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.

ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීති වන්න. මම නැවත එය ම කියමි: ප්‍රීති වන්න! ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාට ම පෙනේවා! ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක; කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න. එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත. අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න. ඔබ කවරක් මගෙන් උගත්තේ ද කවරක් මගෙන් ලැබුවේ ද ඇසුවේ ද කවරක් මා තුළ දුටුවේ ද ඒවා ක්‍රියාවට නගන්න. එවිට සාමයේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.

පිලිප්පි 4:4-9

පිලිප්පි 4:4-9