Philippians 4:18-20

සම්පූර්ණ දීමනාවක්, ඕනෑවටත් වඩා වූ දීමනාවක් ලද්දෙමි. එපප්‍රොදිතස් අත ඔබ විසින් මවෙත එවන ලද තෑගි ලැබ මම දැන් හොඳට ම සෑහී සිටිමි. ඒවා, දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ සුවඳ පූජාවකි; පිළිගත මනා යාගයකි. මගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක. අපගේ දෙවියන්වහන්සේට, පියාණන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්.
පිලිප්පි 4:18-20