එය ඉවත ලා,
දාසයකුගේ ස්වභාව ගෙන,
මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.
මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්,
තුමූම යටහත් ව,
මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්,
කීකරු වූ සේක.
එබැවින් දෙවියන්වහන්සේ ඉහළ ම තත්වයට උන්වහන්සේ උසස් කර,
සියලු නාමයන්ට වඩා අග්‍ර වූ නාමය උන්වහන්සේට දුන් සේක.