එහෙත් මම, ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෙමි.
මගේ ගැලවීමේ දෙවියන්වහන්සේ ගැන බලා හිඳින්නෙමි.
මගේ දෙවියන්වහන්සේ මට සවන් දෙන සේක.
මගේ සතුරනි, මගේ වැටීම ගැන සොම්නසින් නො බලනු!
මා වැටී සිටිය ද, මම නැගිටින්නෙමි.
මා අඳුරේ හිඳ සිටිය ද,
ස්වාමින්වහන්සේ මට ආලෝකය වන සේක.