මීකා 6:1-8

මීකා 6:1-8 - ස්වාමින්වහන්සේ කියන දේට සවන් දෙන්න:
“නැගී සිට මගේ නඩුව, කඳු ඉදිරියෙහි ගෙන හැර පාන්න.
ඔබේ කටහඬ කඳු හෙල් අසා සිටීවා.

“එම්බා කඳු, ස්වාමින්වහන්සේගේ චෝදනාවට සවන් දෙන්න;
පොළොවේ සදාතන අත්තිවාරම්, මේ අහන්න.
ස්වකීය ජනතාවට එරෙහි නඩුවක් ස්වාමින්වහන්සේට ඇත;
ඉශ්‍රායෙල් සමඟ විවාදයක් උන්වහන්සේට ඇත.

“අහෝ මගේ ජනයිනි, කුමක් ද මා නුඹලාට කළේ?
කෙලෙස ද මා නුඹලාට බර පැටවූයේ? මට උත්තර දෙනු!
මන්ද, මම ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙනවුත්,
වහල්කමේ නිවාසයෙන් නුඹලා මුදා ගතිමි.
මම නුඹලාට මග පෙන්වන්නට මෝසෙස් ද
ඒ සමඟ ආරොන් හා මිරියාම් ද යැවීමි.
අහෝ මගේ ජනයිනි,
ස්වාමින්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා නුඹලා දැනගන්නා පිණිස,
මෝවබ්හි රජු වූ බාලාක්ගේ සැලැස්ම කවරේ ද කියාත්
බෙයෝර්ගේ පුත් බාලාම්ගේ ප්‍රතිවචන, මොනවා ද කියාත්,
ෂිට්ටීම් සිට ගිල්ගාල් දක්වා සිදු වූ දෑ සිහි කරන්න.”

උත්තම දෙවියන්වහන්සේ අබියස වැඳ-නමඳින්නට,
ස්වාමින්වහන්සේ ඉදිරියට මා ආ යුත්තේ කුමක් රැගෙන ද?
උන්වහන්සේ අබියසට දවන යාග පූජා වශයෙන්
එක් අවුරුදු වහු පැටවුන් ගෙන එම් ද?
දහස් ගණන් බැටළුවන්ට,
දස දහස් ගණන් තෙල් ගංගාවලට ස්වාමින්වහන්සේ ප්‍රසන්න වන සේක් ද?
මගේ අයුතුකමට මගේ කුලුඳුල් පුතු දෙම් ද?
මගේ ජීවයේ පාපයට මගේ ශාරීරික පලය දෙම් ද?
එම්බා මනුෂ්‍යය, යහපත කවරේදැයි උන්වහන්සේ ඔබට පෙන්වා දී ඇත.
ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?
සාධාරණ ව ක්‍රියාකිරීමත්, දයාවට ප්‍රේමවීමත්,
ඔබේ දෙවියන්වහන්සේ සමඟ යටහත් ව හැසිරීමත් නො වේ ද?

ස්වාමින්වහන්සේ කියන දේට සවන් දෙන්න: “නැගී සිට මගේ නඩුව, කඳු ඉදිරියෙහි ගෙන හැර පාන්න. ඔබේ කටහඬ කඳු හෙල් අසා සිටීවා. “එම්බා කඳු, ස්වාමින්වහන්සේගේ චෝදනාවට සවන් දෙන්න; පොළොවේ සදාතන අත්තිවාරම්, මේ අහන්න. ස්වකීය ජනතාවට එරෙහි නඩුවක් ස්වාමින්වහන්සේට ඇත; ඉශ්‍රායෙල් සමඟ විවාදයක් උන්වහන්සේට ඇත. “අහෝ මගේ ජනයිනි, කුමක් ද මා නුඹලාට කළේ? කෙලෙස ද මා නුඹලාට බර පැටවූයේ? මට උත්තර දෙනු! මන්ද, මම ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් නුඹලා මුදා ගතිමි. මම නුඹලාට මග පෙන්වන්නට මෝසෙස් ද ඒ සමඟ ආරොන් හා මිරියාම් ද යැවීමි. අහෝ මගේ ජනයිනි, ස්වාමින්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා නුඹලා දැනගන්නා පිණිස, මෝවබ්හි රජු වූ බාලාක්ගේ සැලැස්ම කවරේ ද කියාත් බෙයෝර්ගේ පුත් බාලාම්ගේ ප්‍රතිවචන, මොනවා ද කියාත්, ෂිට්ටීම් සිට ගිල්ගාල් දක්වා සිදු වූ දෑ සිහි කරන්න.” උත්තම දෙවියන්වහන්සේ අබියස වැඳ-නමඳින්නට, ස්වාමින්වහන්සේ ඉදිරියට මා ආ යුත්තේ කුමක් රැගෙන ද? උන්වහන්සේ අබියසට දවන යාග පූජා වශයෙන් එක් අවුරුදු වහු පැටවුන් ගෙන එම් ද? දහස් ගණන් බැටළුවන්ට, දස දහස් ගණන් තෙල් ගංගාවලට ස්වාමින්වහන්සේ ප්‍රසන්න වන සේක් ද? මගේ අයුතුකමට මගේ කුලුඳුල් පුතු දෙම් ද? මගේ ජීවයේ පාපයට මගේ ශාරීරික පලය දෙම් ද? එම්බා මනුෂ්‍යය, යහපත කවරේදැයි උන්වහන්සේ ඔබට පෙන්වා දී ඇත. ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? සාධාරණ ව ක්‍රියාකිරීමත්, දයාවට ප්‍රේමවීමත්, ඔබේ දෙවියන්වහන්සේ සමඟ යටහත් ව හැසිරීමත් නො වේ ද?

මීකා 6:1-8

මීකා 6:1-8