මතෙව් 6:5-8

මතෙව් 6:5-8 - “ඔබ යාච්ඤා කරන කල කුහකයින් සේ නො වන්න. මන්ද සිනගෝගවලදීත්, මං සන්ධිවලදීත් අන්‍යයන්ට පෙනෙන්නට නැගී සිට, යාච්ඤා කරන්නට ඔවුහු ආශා කරති. සැබවින් ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි. එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගත ව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගත ව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත. ඔබ යාච්ඤා කරන කල, අන්‍ය-ජාතීන් මෙන් හිස් වචන ගොඩක් නො පවසන්න; මන්ද ඔවුන් සිතන්නේ තම වචන රාශිය නිසා එය අසනු ලැබේ ය කියා ය. ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක.

“ඔබ යාච්ඤා කරන කල කුහකයින් සේ නො වන්න. මන්ද සිනගෝගවලදීත්, මං සන්ධිවලදීත් අන්‍යයන්ට පෙනෙන්නට නැගී සිට, යාච්ඤා කරන්නට ඔවුහු ආශා කරති. සැබවින් ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි. එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගත ව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගත ව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත. ඔබ යාච්ඤා කරන කල, අන්‍ය-ජාතීන් මෙන් හිස් වචන ගොඩක් නො පවසන්න; මන්ද ඔවුන් සිතන්නේ තම වචන රාශිය නිසා එය අසනු ලැබේ ය කියා ය. ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක.

මතෙව් 6:5-8

මතෙව් 6:5-8