මතෙව් 3:7-10

එහෙත් පරිසිවරුන් හා සද්දුසිවරුන් බොහෝ දෙනෙක් බව්තීස්ම ලබන්නට එනු දුටු ඔහු, ඔවුන් අමතමින්, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද? පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි. පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ.
මතෙව් 3:7-10