මලාකී 3:10-11

මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
මලාකී 3:10-11