විලාප ගී 3:21-33

එහෙත්, මෙන්න මෙය මම සිහියට ගන්නේ, මට බලාපොරොත්තුවක් ඇති බැවිනි. අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය. “මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි. උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය. ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම කෙනකුට හොඳ ය. තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම කවරකුට වුව හොඳ ය. එය ඔහු පිට තබා ඇත්තේ, උන්වහන්සේ ම වන බැවින්, ඔහු සන්සුන් ව තනි ව හිඳ, එය දැරුවා වේ. තවමත් බලාපොරොත්තු තිබිය හැකි බැවින් ඔහු තම මුහුණ දූලියෙහි හොවා ගත්තා වේ. තමාට පහර දෙන්නාට ඔහු තම කම්මුල පෑවා වේ; නින්දාවෙන් ඔහු පුරවනු ලැබුවා වේ! මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම කිසිවකුවත් අතැර නො දමන සේක. උන්වහන්සේ ශෝකය දුක පමුණු වන නමුදු, අනුකම්පා පානා සේක. උන්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය ඒ සා ඉමහත් ය. මන්ද, ස්වකීය කැමැත්තෙන් ම උන්වහන්සේ මිනිස් වර්ගයාට හිංසා-පීඩා හෝ සෝ-දුක් හෝ පමුණුවන්නේ නැත.
විලාප ගී 3:21-33