යොහන් 6:37-57

යොහන් 6:37-57 - පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත. මන්ද ස්වර්ගයෙන් බැස මා ආවේ, මගේ ම කැමැත්ත කරන්නට නො ව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නටයි. මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි. මන්ද මගේ පියාණන්වහන්සේ කැමැත්ත නම්, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකු ම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.
මෙවිට, “ස්වර්ගයෙන් බැස ආ රොටි මම යැ” යි උන්වහන්සේ කී බැවින්, යුදෙව්වරු උන්වහන්සේ ගැන මැසිවිලි නගමින්, “මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ.
“ඔබ අතරේ ඔය මැසිවිල්ල නවතන්නැ” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ, “මා එවූ පියාණන්වහන්සේ විසින් ඇද ගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි. ‘ඔබගේ පුතුන් සැවොම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබතියි’ දිවැසිවරුන් ලියා තියේ. පියාණන්වහන්සේට සවන් දුන්, උන්වහන්සේගෙන් ඉගෙන ගත් හැම කෙනෙක් ම මා වෙත එත්මැයි. දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තා හැර, අන් කිසිවකු පියාණන්වහන්සේ දැක නැත. උන්වහන්සේ පියාණන්වහන්සේ දැක ඇත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, විශ්වාස කරන්නාට සදාතන ජීවනය ලැබෙන බවයි. ජීවනදායක රොටි මමයි. ඔබේ පියවරු පාළුකරයේදී මන්නා කෑ නමුත්, ඔවුහු ද නැසී ගියහ. කෙනකු එයින් කෑමෙන් පසු, නො නසින පිණිස, ස්වර්ගයෙන් බැස ආ රොටි මෙන්න; ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංස යැ” යයි ප්‍රකාශ කළ සේක.
එවිට ඔවුනොවුන් අතරේ තර්ක කරන්නට පටන් ගත් යුදෙව්වරු, “කොහොම ද මේ මිනිහා අපට ඔහුගේ මාංස කන්නට දෙන්නේ?” යි පවසන්නට වූහ.
යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංස කෑවොත් මිස, උන්වහන්සේගේ ලෙය බීවොත් මිස, ඔබ තුළ ජීවනය නැත. මගේ මාංසය කන හා මගේ රුධිරය බොන කවරකුට වුවත්, සදාතන ජීවනය ලැබෙයි. අවසාන දවසේ මම ඔහු නැගිටුවන්නෙමි. මන්ද අව්‍යාජ ආහාරය මගේ මාංසයයි; අව්‍යාජ පානය මගේ රුධිරයයි. මගේ මාංසය ආහාරයට ගන්නා තැනැත්තා, මගේ රුධිරය පානයට ගන්නා තැනැත්තා, මා තුළ පවතී. මමත් ඔහු තුළ පවතින්නෙමි. ජීවමාන පියාණන්වහන්සේ මා එවූ සේ ම, පියාණන්වහන්සේ නිසා මා ජීවත් වන්නේ යම් සේ ද, මගෙන් පෝෂ්‍ය වන්නා මා නිසා ජීවත් වෙයි.

පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත. මන්ද ස්වර්ගයෙන් බැස මා ආවේ, මගේ ම කැමැත්ත කරන්නට නො ව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නටයි. මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි. මන්ද මගේ පියාණන්වහන්සේ කැමැත්ත නම්, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකු ම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක. මෙවිට, “ස්වර්ගයෙන් බැස ආ රොටි මම යැ” යි උන්වහන්සේ කී බැවින්, යුදෙව්වරු උන්වහන්සේ ගැන මැසිවිලි නගමින්, “මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ. “ඔබ අතරේ ඔය මැසිවිල්ල නවතන්නැ” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ, “මා එවූ පියාණන්වහන්සේ විසින් ඇද ගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි. ‘ඔබගේ පුතුන් සැවොම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබතියි’ දිවැසිවරුන් ලියා තියේ. පියාණන්වහන්සේට සවන් දුන්, උන්වහන්සේගෙන් ඉගෙන ගත් හැම කෙනෙක් ම මා වෙත එත්මැයි. දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තා හැර, අන් කිසිවකු පියාණන්වහන්සේ දැක නැත. උන්වහන්සේ පියාණන්වහන්සේ දැක ඇත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, විශ්වාස කරන්නාට සදාතන ජීවනය ලැබෙන බවයි. ජීවනදායක රොටි මමයි. ඔබේ පියවරු පාළුකරයේදී මන්නා කෑ නමුත්, ඔවුහු ද නැසී ගියහ. කෙනකු එයින් කෑමෙන් පසු, නො නසින පිණිස, ස්වර්ගයෙන් බැස ආ රොටි මෙන්න; ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංස යැ” යයි ප්‍රකාශ කළ සේක. එවිට ඔවුනොවුන් අතරේ තර්ක කරන්නට පටන් ගත් යුදෙව්වරු, “කොහොම ද මේ මිනිහා අපට ඔහුගේ මාංස කන්නට දෙන්නේ?” යි පවසන්නට වූහ. යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංස කෑවොත් මිස, උන්වහන්සේගේ ලෙය බීවොත් මිස, ඔබ තුළ ජීවනය නැත. මගේ මාංසය කන හා මගේ රුධිරය බොන කවරකුට වුවත්, සදාතන ජීවනය ලැබෙයි. අවසාන දවසේ මම ඔහු නැගිටුවන්නෙමි. මන්ද අව්‍යාජ ආහාරය මගේ මාංසයයි; අව්‍යාජ පානය මගේ රුධිරයයි. මගේ මාංසය ආහාරයට ගන්නා තැනැත්තා, මගේ රුධිරය පානයට ගන්නා තැනැත්තා, මා තුළ පවතී. මමත් ඔහු තුළ පවතින්නෙමි. ජීවමාන පියාණන්වහන්සේ මා එවූ සේ ම, පියාණන්වහන්සේ නිසා මා ජීවත් වන්නේ යම් සේ ද, මගෙන් පෝෂ්‍ය වන්නා මා නිසා ජීවත් වෙයි.

යොහන් 6:37-57

යොහන් 6:37-57