යොහන් 3:18-21

උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියම ව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එක ම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි. තීන්දුව මෙයයි; ලෝකයට ආලෝකය පහළ වී ඇති නමුත්, මිනිසුන් තම ක්‍රියා කලාපය දුෂ්ට නිසා, ඔවුන් ප්‍රිය කරන්නේ ආලෝකයට වඩා අන්ධකාරයට ය. නපුර කරන හැම කෙනෙක් ම ආලෝකයට වෛර කරනවාත් හැර, තම ක්‍රියා කලාපය හෙළිවෙතැයි බියෙන් ආලෝකයට එන්නේ ද නැත. එහෙත් සත්‍යයෙහි පැවත ක්‍රියා කරන්නා, තමන් කරන දේ දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟ ව කළ බව පෙනෙන පිණිස, ආලෝකය තුළට එන්නේ ය.
යොහන් 3:18-21