යොහන් 19:30-37

යේසුස්වහන්සේ එය දිව ගෑ පසු, “එය නිම වියැ” යි පවසමින් හිස පහත හෙළා, තම ආත්මය අත් හළ සේක. එය සූදානම් වීමේ දවස බැවින්, සබතේදී මළ-සිරුරු කුරුසවල නො තිබෙන පිණිස, ඔවුන්ගේ කකුල් කඩා, ඔවුන් ඉවත් කරවන ලෙස යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. මන්ද ඒ දවස විශේෂ සබතක් විය. එබැවින් හේවායෝ පැමිණ, යේසුස්වහන්සේ සමඟ ඇණ ගසන ලද පළමුවැන්නාගේ ද අනතුරුව අනෙකාගේ ද කකුල් කැඩූහ. එහෙත් ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, උන්වහන්සේ ඒ වන විටත් මිය ගොස් සිටි වග දැක, උන්වහන්සේගේ කකුල් නො කැඩූහ. එසේ වුවත් හේවායින්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එසැණේ ම ලේත්, වතුරත් එතැනින් ගලා ආවේ ය. එය දුටු තැනැත්තා ඒ ගැන සාක්ෂි දරයි. ඒ සාක්ෂිය සත්‍යය ය. තමා පවසන්නේ සත්‍යය බව ඔහු දනී. එබැවින් ඔබත් විශ්වාස කරන පිණිස ඔහු සාක්ෂි දරයි. මේ දේවල් සිදු වූයේ, “උන්වහන්සේගේ එක ඇටයකුදු බිඳිනු නො ලැබේ” යන ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය. තවද, “ඔවුන් ඇන, සිදුරු කළ තැනැත්තා දෙස ඔවුන් බලනු ඇතැ” යි තවත් ශුද්ධ ලියවිලි පාඨයකින් කියැවේ.
යොහන් 19:30-37