John 14:25-28

“මා මේ දේවල් ඔබට කීවේ මා ඔබ සමඟ සිටියදීයි. මගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සහනදායකයාණන් වන ශුද්ධාත්මයාණන් පැමිණි කල, උන්වහන්සේ හැම දෙයක් ම ඔබට උගන්වමින්, මා ඔබට පැවසූ සියල්ල යළි ඔබට සිහි කරනු ඇත. සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න. “ ‘යන්නෙමි; මම ඔබ වෙත යළි එන්නෙමි’ යි මා කියනු ඔබ අසා සිටියා. ඔබ මට ප්‍රේම කළා නම්, පියාණන්වහන්සේ වෙත මා යන නිසා, ඔබ ප්‍රීති වනු ඇත. මන්ද, පියාණන්වහන්සේ මට වඩා උතුම් ය.
යොහන් 14:25-28