යෙරමියා 29:10-13

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “බබිලෝනිය සඳහා සැත්තෑ වසර සම්පූර්ණ වූ කල, මම නුඹලා සොයා බලා, මේ ස්ථානයට නුඹලා ආපසු ගෙන ඒමේ මගේ පොරොන්දුව, ඉෂ්ට කරන්නෙමි. මන්ද ඔබ උදෙසා මා වෙත ඇති සැලසුම් මම දනිමි” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. “ඒවා සමෘද්ධියේ සැලසුම් ය. ඔබට හානිදායක ඒවා නො වේ. ඔබට අනාගතයක් හා අපේක්ෂාවක් දීමේ සැලසුම් ය. එවිට ඔබ මට අයැදිනු ඇත. මා වෙත අවුත්, මට යාච්ඤා කරනු ඇත. මමත් ඔබට ඇහුම්කන් දෙන්නෙමි. ඔබ මා සොයනු ඇත; ඔබගේ මුළු හදින් ම ඔබ මා සොයන කල, ඔබට මා හමු වනු ඇත.
යෙරමියා 29:10-13