යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි. පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.