යාකොබ් 1:22-27

එහෙත් එය අසන්නන් පමණක් නො වී, තමන් නො රවටාගෙන, වචනය පිළිපදින්නන් වන්න. වචනය අසන්නකු වන නමුත්, එය නො පිළිපදින්නකු වන කවරකු වුව, ඕනෑකමින් කැඩපතකින් තම ස්වාභාවික මුහුණ බලන මිනිසකුට සමාන ය. මන්ද ඔහු තමා දිහා බලා, පිටත් ව ගොස්, තමා කෙබඳුදැයි විගස අමතක කරයි. එහෙත්, සම්පූර්ණ නීතිය වන නිදහසේ නීතිය නිරීක්ෂණ කරමින්, අමතක කරන අසන්නකු නො වී, ඒවා දිගට ම අභ්‍යාස කරන්නා, තමන් කරන දෙයින් ම ආශිර්වාද ලබයි. යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි. පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.
යාකොබ් 1:22-27