යාකොබ් 1:13-18

යාකොබ් 1:13-18 - පරීක්ෂා කරනු ලබන කල, කිසිවෙක්, “දෙවියන්වහන්සේ මා පොලඹවන සේකැ” යි නො කියත්වා! මන්ද නපුර විසින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළ නො හැක; උන්වහන්සේ කිසිවකු පරීක්ෂා කරන්නේ ද නැත. එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේ ම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය. ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහි කරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි.
නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි. හැම හොඳ ත්‍යාගයක් ම, හැම සම්පූර්ණ ත්‍යාගයක් ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි. උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේ ම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.

පරීක්ෂා කරනු ලබන කල, කිසිවෙක්, “දෙවියන්වහන්සේ මා පොලඹවන සේකැ” යි නො කියත්වා! මන්ද නපුර විසින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළ නො හැක; උන්වහන්සේ කිසිවකු පරීක්ෂා කරන්නේ ද නැත. එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේ ම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය. ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහි කරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි. නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි. හැම හොඳ ත්‍යාගයක් ම, හැම සම්පූර්ණ ත්‍යාගයක් ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි. උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේ ම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.

යාකොබ් 1:13-18

යාකොබ් 1:13-18