යෙසායා 53:3-4

මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්; සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි. මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි. අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු. සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය. උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය. එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද, තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය.
යෙසායා 53:3-4