යෙසායා 53:2-4

මන්ද එතුමන් උන්වහන්සේ ඉදිරියේ ළා පැළයක් සේ, වියළි පොළොවෙන් මතුවන මුලක් සේ වැඩුණේ ය. එතුමන් දෙස බලන්නට තරම් රූපයක් හෝ තේජසක් හෝ අපට ප්රියවඩන කිසිවක් එතුමන්ගේ පෙනුමෙහි තිබුණේ නැත. මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්; සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි. මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි. අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු. සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය. උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය. එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද, තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය.
යෙසායා 53:2-4