Isaiah 43:1-5

යෙසායා 43:1-5 - එහෙත් එම්බා යාකොබ්, නුඹ මැවූ තැනැත්තාණන්,
එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැඩගැන් වූ තැනැත්තාණන් වන ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක:
“භය නො වන්න, මන්ද මම ඔබ මුදා ගත්තෙමි.
නම කියා මම ඔබ කැඳවා ගතිමි. ඔබ මගේ ය.
දිය මැදින් ඔබ යන විට,
මම ඔබ සමඟ සිටින්නෙමි.
ගංගා මැදින් යන විට,
ඒවා ඔබ යට කර ගලන්නේ නැත.
ගිනි මැදින් ඔබ යන විට,
ඔබ දැවී යන්නේ නැත.
ගිනි දළු ඔබට ගිනි අවුළුවන්නේ නැත.
මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය,
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, ඔබේ ගැලවුම්කරුවාණන් ය.
මම ඔබේ මිදීමේ මිලයට ඊජිප්තුව ද
ඔබේ හිලව්වට කූෂ් හා සෙබා ද දුනිමි.
මගේ ඇස් හමුවේ ඔබ වටින නිසාත්, ගරුතර නිසාත්,
මම ඔබට ප්‍රේම කරමි.
ඔබ වෙනුවට මිනිසුන් ද ඔබේ ජීවිත වෙනුවට ජනතාවන් ද
මම හුවමාරු වශයෙන් දෙන්නෙමි.
භය නො වන්න, මන්ද මා ඔබ සමඟ ය.
මම නැගෙනහිර සිට ඔබේ දරු පරපුර ගෙනෙන්නෙමි.
බටහිර සිට ඔබ එකතු කරන්නෙමි.

එහෙත් එම්බා යාකොබ්, නුඹ මැවූ තැනැත්තාණන්, එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැඩගැන් වූ තැනැත්තාණන් වන ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක: “භය නො වන්න, මන්ද මම ඔබ මුදා ගත්තෙමි. නම කියා මම ඔබ කැඳවා ගතිමි. ඔබ මගේ ය. දිය මැදින් ඔබ යන විට, මම ඔබ සමඟ සිටින්නෙමි. ගංගා මැදින් යන විට, ඒවා ඔබ යට කර ගලන්නේ නැත. ගිනි මැදින් ඔබ යන විට, ඔබ දැවී යන්නේ නැත. ගිනි දළු ඔබට ගිනි අවුළුවන්නේ නැත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, ඔබේ ගැලවුම්කරුවාණන් ය. මම ඔබේ මිදීමේ මිලයට ඊජිප්තුව ද ඔබේ හිලව්වට කූෂ් හා සෙබා ද දුනිමි. මගේ ඇස් හමුවේ ඔබ වටින නිසාත්, ගරුතර නිසාත්, මම ඔබට ප්‍රේම කරමි. ඔබ වෙනුවට මිනිසුන් ද ඔබේ ජීවිත වෙනුවට ජනතාවන් ද මම හුවමාරු වශයෙන් දෙන්නෙමි. භය නො වන්න, මන්ද මා ඔබ සමඟ ය. මම නැගෙනහිර සිට ඔබේ දරු පරපුර ගෙනෙන්නෙමි. බටහිර සිට ඔබ එකතු කරන්නෙමි.

යෙසායා 43:1-5

Isaiah 43:1-5