හබක්කුක් 3:16-19

මට ඇසිණි. මගේ හද ගැසුණි. ඒ හඬින් මගේ තොල් කම්පන විය. දිරා යෑම, මගේ ඇටකටුවලට රිංගී ය. මගේ දෙකකුල් වැනුණේ ය. එහෙත්, අප ආක්‍රමණ කළ ජාතීන් පිටට විපත්ති දවස පැමිණෙන තෙක්, මම ඉවසිල්ලෙන් බලා හිඳිමි. අත්තික්කා ගස දළු නො ලෑවත්, මිදි වැල්වල මිදි පල නො වූවත්, ඔලීව අස්වැන්න අසාර වූවත්, කෙත්වත්වලින් අහර හිඟ වෙතත්, ගාලෙහි එළු-බැටළුවන් නැතිව ගියත්, පට්ටිවල ගවයින් නොමැති වූවත්, ස්වාමින්වහන්සේ තුළ මම ප්‍රීති ප්‍රමෝද වෙමි. මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ තුළ මම ප්‍රීති වන්නෙමි. පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ මෙන් සලසා, උස් තැන්හි නැග යන්නට මට සවිබල දෙන සේක.
හබක්කුක් 3:16-19