හත් වන දවස වන විට දෙවියන්වහන්සේ තමන් කළ කාර්යය නිම කොට තිබූ සේක්, තමන් කළ සියලු කටයුතුවලින් උන්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. මෙසේ දෙවියන්වහන්සේ තමන් කරන ලද මැවීමේ සියලු කටයුතුවලින් හත් වන දවසේ විවේක ගත් බැවින්, උන්වහන්සේ ඒ දවසට ආශිර්වාද කොට, එය ශුද්ධ යයි නියම කළ සේක.