Ecclesiastes 3:11-14

උන්වහන්සේ හැම දෙයක් ම ඊට අදාළ කාලයට අලංකාර කර තිබේ. උන්වහන්සේ සදාතනය ද මිනිස් හදවත්හි තබා තිබේ; එහෙත් දෙවියන්වහන්සේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා කර ඇති දෑ සොයා දැනගන්නට ඔවුනට නුපුළුවන. ජීවත් ව සිටියදී ප්‍රීතිමත් වී, යහපත කිරීමට වඩා හොඳක් මිනිසුනට නැති වග මම දනිමි. හැම කෙනකු ම කා, බී තම කාර්යයන් ප්‍රීතියෙන් භුක්ති විඳීම දෙවියන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි. දෙවියන්වහන්සේ කරන කවරක් වුව සදා පවතින වග මම දනිමි. ඊට කිසිවක් එකතු කිරීම හෝ එයින් කිසිවක් ඉවත් කිරීම කළ නො හැකි ය. දෙවියන්වහන්සේ එය කර ඇත්තේ මනුෂ්‍යයා, උන්වහන්සේට ගෞරව කරන පිණිස ය.
දේශනාකරු 3:11-14