Ecclesiastes 3:10-13

නියැළී සිටින පිණිස දෙවියන්වහන්සේ මිනිසුනට දී ඇති කාර්ය භාරය මම දැක ඇත්තෙමි. උන්වහන්සේ හැම දෙයක් ම ඊට අදාළ කාලයට අලංකාර කර තිබේ. උන්වහන්සේ සදාතනය ද මිනිස් හදවත්හි තබා තිබේ; එහෙත් දෙවියන්වහන්සේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා කර ඇති දෑ සොයා දැනගන්නට ඔවුනට නුපුළුවන. ජීවත් ව සිටියදී ප්‍රීතිමත් වී, යහපත කිරීමට වඩා හොඳක් මිනිසුනට නැති වග මම දනිමි. හැම කෙනකු ම කා, බී තම කාර්යයන් ප්‍රීතියෙන් භුක්ති විඳීම දෙවියන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි.
දේශනාකරු 3:10-13