ඔහු, “එම්බා ඉශ්‍රායෙල්, අද ඔබ, ඔබේ සතුරනට එරෙහිව යුද්ධයට යන්න ළඟයි. අධෛර්ය වන්න එපා; භය වන්න එපා; තැති ගන්න එපා; ඔවුන් ඉදිරියේ කලබල වන්න එපා. මන්ද ඔබට ජය දෙන පිණිස ඔබේ සතුරන්ට එරෙහිව සටනට ඔබ සමඟ පිටත් ව යන තැනැත්තාණෝ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යැ” යි කියත්වා!