Colossians 3:11-14

මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නො වූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය. එබැවින්, දෙවියන්වහන්සේ තෝරාගත් ශුද්ධ වූත්, ප්‍රේමණීය වූත් ජනයා වන ඔබ, අනුකම්පාව ද කරුණාව ද නිහතමානීත්වය ද මොළොක් ගුණය ද ඉවසිලිවන්තකම ද පැලඳ ගන්න. එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න. මේ සියලු දෑ පිරිපුන් එකමුතුවකින් එකට බඳවන ප්‍රේමය, ඒ සියල්ලට ඉහළින් පැලඳ ගන්න.
කොලොස්සි 3:11-14